Monday, May 14, 2018

ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර අයුරින් අපද්‍රව්‍ය බැහැර කරන ‍දෙහිවල සත්ව උද්‍යානයට විරුද්ධව නඩු දමන්න - අමාත්‍ය ෆයිසර් මුස්තෆා




ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර අයුරින් අපද්‍රව්‍ය බැහැර කරන දෙහිවල සත්ව උද්‍යානයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස. පළාත් සභාපළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතාට උපදෙස් ලබා දෙන ලදි .

අමාත්‍යතුමන් මෙසේ ප්‍රකාශ කළේ අද උදෑසන දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී දෙහිවල නාගරික මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කල ගැටළුවකදීය.

දෙහිවල සත්වෝද්‍යානයේ සියළුම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී කාණු හරහා ගලා යන නිසා දෙහිවල සත්වෝද්‍යානය අවට සිටින ජනතාවගේ ශරීර සෞඛ්‍යයට හානි සිදු වන බැවින් සති දෙකක් ඇතුලත මෙම ගැටළුවට නිසි පියවර නොගතහොත් දෙහිවල සත්වෝද්‍යානයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතාට උපදෙස් ලබා දෙන ලදි .
අපද්‍රව්‍ය බැහැර කිරීමේදී අනුගමනය කල යුතු නෛතික රාමුවට පිටතින් යන ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට මැළි නොවන බව අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාවට දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය  සංවර්ධන කමිටු සම  සභාපති  සුනේත්‍රා රණසිංහ ,දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස්  ,නියොජ්‍ය නගරාධිපති අධිනීතීඥ කීර්ති උඩවත්ත ,දෙහිවල ප්‍රාදේශීය ලේකම් නාලීනි සුබ්‍රමනියම් යන මහත්ම ,මහත්මීන් සහභාගි විය.

No comments:

Post a Comment

முஸ்லிம் விவாக, விவாகரத்துச் சட்டம், இந்நாட்டு முஸ்லிம் பெண்களுக்கு மிகப்பெரிய அநீதியாக இருக்கிற‌தாம். பைச‌ர் முஸ்த‌பா.

        முஸ்லிம் பெண்கள் காதி நீதிபதிகளாக நியமிக்கப்படல் வேண்டும் - முன்னாள் அமைச்சர் பைஸர் முஸ்தபா    தற்போது நடைமுறையிலுள்ள முஸ்லிம...