Tuesday, March 13, 2018

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ තවත් දුෂ්කර ප්‍රදේශයක පාලමක් සදහා මුල්ගල තැබීම ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමන් අතින්


          පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ තවත් එක් පාලමක්  දැරණියගල නින්දගම මාලිබොඩ ප්‍රදේශයේ මාගල් ගග හරහා ඉදිකිරීම සදහා මුල්ගල තැබීම ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ සහ  අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (12දා) සිදු කෙරිනි.
මෙම පාලම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 75ක් පමණ වන අතර  දිගින් මීටර් 46ක් පළල මීටර් 5.5කි.  මෙමගින් ග්‍රාම නිලධාරී වසම් 5ක මාලිබොඩ,උඩ මාලිබොඩ,දික්ඇල්ල කන්ද,බඹරගල,ඔරුපීල්ල ප්‍රදේශවල එනම් පවුල් 2000 ක පමණ පහසුකම් සැලසෙයි.

No comments:

Post a Comment