Monday, December 18, 2017

කොළඹ මහ නගර සභා අපේක්ෂිකා දීපා එදිරිසිංහ මහත්මිය මැතිවරණ ව්‍යාපාරය ඇරඹිමට පෙර ආගමික වතාවත්වල නිරතවෙයි.



මෙවර මැතිවරණයේදී සියයට 25ක අනිවාර්ය කාන්තා නියෝජනය තහවුරු කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරය ලැබූ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා, අභාවප්‍රාප්ත සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය දීපා එදිරිසිංහ මහත්මිය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරිමට ප්‍රථම  අද පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආශිර්වාද ලබාගත්තා.

මෙම අවස්ථාවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා ද එක්ව සිටියා.

ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබොඩ ඥානිස්සර නාහිමිපාණන් ප්‍රමුඛ සංඝයා වහන්සේලාගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව පැමිණ සිටි මාධවේදීන් හමුවේ ඇය ප්‍රකාශකලේ හඩක් නොමැති කාන්තාවන් වෙනුවෙන් හඩක් නැගීමට තමන් මෙම තීරණය ගත් බවයි.  

 සිය මව ගමන් ගත් අඩිපාරේ තමන්ද ගමන් කිරීමට බලාපොරොත්තුවන බවත්, දේශපාලනය තුළින් තමා පෝෂණය වීම නොව, දේශපාලනය සමාජ මෙහෙවර කිරීමට යොදා ගනිමින් දුප්පත් ජනතාව පෝෂණය කිරීමට බලාපොරොත්තුවන බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  සහ  පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ මගපෙන්වීම යටතේ තමන් සුපිරිසිදු දේශපාලනයක නිරත වීමට බලාපොරොත්තුවන බවත්, ඊට සිය පවුලේ සියලුම සාමාජිකයින්ගෙන් ආශිර්වාදය නොඅඩුව ලැබෙන බවද දීපා එදිරිසිංහ මහත්මිය පැවසුවා.

No comments:

Post a Comment