Thursday, December 8, 2016

ඥාණසාර හිමි වහාම අත්අඩංගුවට ගත යුතුයි. මුජිබුර් රහුමාන්


---------------------------------------------------------------------------------------------------------
සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව අතර විරසක ඇති කර ඔවුන් එකිනෙකා ඇන කොටා ගැනිමේ තත්වයට පත් කරමින් ජාතීවාදීව කටයුතු කරන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ උන්වහන්සේ සමඟ කල්ලි ගැසි දරුණු ලෙස ජාතිවාදය වපුරමින් කටයුතු කරමින් සිටින කණ්ඩායමේ සාමාජිකයින්ද වහාම අත් අඩංගුවට ගත යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබුර් රහුමාන් මහතා අදාළ වගකිව යුතු අංශවල ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ, ඒ පාලකයින්ගේ ආශීර්වාදය යටතේ බිහිවු බොදු බල සේනා සංවිධානය තම ජාතිවාදි ප‍්‍රචාරය ආරම්භ කලේ මුස්ලිම් ජනතාවට එරෙහිව ඉතාමත් නින්දිත ලෙස ත‍්‍රස්තවාදි මැර ක‍්‍රියාවන් සිදුකල බවත්, මහින්ද රාජපක්ෂ පාලනය, බොදු බල සේනාවේ මෙම ජාතිවාදි මැර ක‍්‍රියාවන් ඉදිරියේ මුනිවත රකිමින් කටයුතු කලා පමණක් නොව, බොදු බල ජාතිවාදි සේනාවේ කටයුතුවලට තිරය පිටුපස සිටගෙන සහයෝගය ලබා දුන් බවත් මන්ත‍්‍රිවරයා පවසයි.

මුස්ලිම් ජනතාවගේ නිවාස හා දේපළවලට විශාල වශයෙන් හානිකර ඔවුන්ට උන්හිටි තැන් අහිමි කල අළුත්ගම බේරුවල ප‍්‍රදේශයේ ජාතිවාදී කලබල වලට අදාළ ප‍්‍රදේශවල සිටි ඇතැම් පටු ජාතිවාදි  කණ්ඩායම් පොළඹවා ගැනිම සඳහා, උසිගැන්විම් කල ඥාණසාර හිමියන් ඇතුළු ජාතිවාදි කණ්ඩායම්වලට එරෙහිව මහින්ද රාජපක්ෂ රජයෙන් කිසිඳු ක‍්‍රියාමාර්ගයක් නොගත් බවත්, කලබලවලට මඟ පෑදු බවට වැදගත් සාක්ෂි තිබු නමුත් ඥාණසාර හිමියන් එදා අත්අඩංගුවට නොගත් අතර, වත්මන් යහපාලන රජය යටතේද උන්වහන්සේට එරෙහිව  පැමිණිලි රාශියක් ලැබි ඇති නමුත් පොලිසියෙන් මෙතෙක් කිසිඳු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති ඇති බවත් මන්ත‍්‍රීවරයා පවසයි.

රටේ නීතිය සැමටම එක හා සමාන බව ප‍්‍රකාශ වුවද, එය නීති පොතට පමණක්ම සීමාවි තිබිම කනගාටුවට කරුණක් බව ප‍්‍රකාශ කල  මන්ත‍්‍රීවරයා බොදු බල සේනා සංවිධානය සහ එහි ප‍්‍රධානීන් රටේ නීතියට එරෙහිව කරන නීච ක‍්‍රියාවන් පෙනි පෙනි, ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරිමට, පොලිසිය සහ රජයේ ප‍්‍රධානින් මැලිවන්නේ කුමන හේතුවක් නිසා දැයි ප‍්‍රශ්ණ කල යුතුව ඇත. සිවුරක් පැළඳි බෞද්ධ භික්ෂිව යන එකම හේතුවක් නිසා පොලිස් නිලධාරින් මොවුන්ගේ විනාශකාරි  නොහොබිනා මැර ක‍්‍රියාවන් දෙස බලා සිටින බවත්, චීවරයේ ගරුත්වයත් නැති කරන මෙම මැර කණ්ඩායම්වල ත‍්‍රස්තවාදි ක‍්‍රියාව ඉදිරියේ මුනිවත රකිමින් සිටින පොලිස් නිලධාරීන්ගේ උදාශීනත්වය, අධිකරණයේ පැවැත්මට හා ස්වාධීනත්වය පිළිබඳව ජනතාව තුල පවතින විස්වාසයට හානියක් ගෙන දෙන ක‍්‍රියාවක් බවත්, නීතිය හා සාධාරණත්වය පිළිබඳ පවතින ජනතා විශ්වාසයට කැලලක් අති කරන බවත්, කියා සිටී. විශ්ව විද්‍යාල උද්ඝෝශණවලදි සිවුර පැළඳි ශිෂ්‍යයන්ටත් බැටන් ප‍්‍රහාර, කදුළු ගෑස් එල්ල කර පලවා හරින පොලිසිය රටවටේ දුවමින් විවෘතව මැර ක‍්‍රියාවන් සිදුකරමින් සිටින චිවධාරින්ට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කිරිමට ක‍්‍රියා මාර්ගයක් නොගැනිම විමතියට කරුණකි.

බොදුබල සේනා සංවිධානය අනුගමනය කරමින් මෙවන විට මඩකලපුවේ අම්පිටියේ සුමනරත්න හිමියන්ද සුළු ජාතික ජනතාව කොනිත්තන්නට පටන්ගෙන ඇත. ඥාණසාර හිමියන් පවිත‍්‍ර වු ඉස්ලාම් ධර්මය පිළිබඳවත්, කුර්ආනය පිළිබඳවත් මුස්ලිම් ජනතාව සහ ඉස්ලාමිය සිරිත් විරිත් පිළිබඳවත් ඉතාමත් අශික්ඛිත ආකාරයේ පිළිකුල් සහගතවු අභූත චෝදනාවන් හා අදහස් ප‍්‍රකාශ කරමින් සිටී. මෙම විෂමාචාර ක‍්‍රියාවන් මඟින් ඥාණසාර හිමි මේ රට තුල මුස්ලිම්, සිංහල ජාතිවාදි කලබලයක් ඇති කිරිමට උත්සාහ කරන බව ඉතාමත් පැහැදිලිය.

රටේ පවතින නීතියට හෝ අධිකරණ නියෝගවලට අවනත නොවන, ගරුත්වයක් නොදක්වන ඥාණසාර හිමියන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් මේ රට නැවත වතාවක් ජාතිවාදි හා විනාශකාරී මාවතකට තල්ලූ වි යන බව ඉතාමත් පැහැදිළිව පෙනෙන්නට තිබේ.

ඥාණසාර හිමියන් සහ උන්වහන්සේ සමඟ මඩකලපුවට පෙළපාලි ගිය කණ්ඩායමේ අදාළ ක‍්‍රියාව හා ගමන වලක්වාලමින් තහනම් නියෝගයක්ද අධිකරණය විසින් පනවා තිබුණි. අතර මඟදි පෙළපාලිය වලක්වා තහනම් නියෝගය පොලිස් නිලධාරින් විසින් ඥාණසාර හිමියන්ට භාරදුන් නමුත් පොලිස් නිලධාරින් ඉදිරිපිටදිම අදාළ තහනම් නියෝගය කෑලිවලට ඉරා දැමු ඥාණසාර හිමියන්ගේ මෙම හිතුවක්කාරි ක‍්‍රියාව ඉතාමත් පිළිකුල් සහගතය. පසුගිය මැතිවරණ සමයේ යහපාලනයේ නායකයින් විසින් රටේ ජනතාවට ලබා දුන් සාමය හා සහජිවන මාර්ගය කරා රට පරිවර්තනය කරන බවට ලබාදුන් අදාළ පොරොන්දුවට එරෙහිව කරන කුමන්ත‍්‍රණකාරි ක‍්‍රියාවකි.

ජාතිවාදය තුරන් කිරිමේ බලාපොරොත්තුවෙන් පිහිටවු යහපාලන රජයේ ජයග‍්‍රහණයට කැලලක් ඇති කරන ජාතිවාදීන්, එසැනින්ම අත්අඩංගුවට ගැනිම පොලිසියේ වගකීමක් වන අතර, වැරදි කරන අය අත්අඩංගුවට ගැනිමට ජනාධිපතිතුමා, අගමැතිතුමා නැතිනම් පොලිස්පතිතුමාගේ නිර්දේශ අවශ්‍ය වන්නේ නැති බව අවධාරණය කල මන්ත‍්‍රීවරයා, ජාතිවාදීන් විසින් කරනු ලබන වැරදි ක‍්‍රියාවන්ට වග කිව යුත්තන් පෙනි පෙනි ඔවුන්ට එරෙහිව කටයුතු නොකරන පොලිස් නිලධාරින් පිළිබඳවද යහපාලන රජය වැඩි අවධානය යොමු කල යුතු බවත් ප‍්‍රකාශ කළේය.

දේශයේ පවතින නීතියට සහ අධිකරණ නියෝගවලට අවනත නොවි හිතුවක්කාරි ආකාරයෙන් නීතිය අවතක්සේරු කර ගෙන රට විලේච්චත්වය කරා ගෙන යෑමට උත්සාහ කරන ඥාණසාර හිමි සහ උන්වහන්සේ සමඟ අත්වැල් බැදගෙන ක‍්‍රියාකරන ජාතිවාදි රැුළ වහාම අත්අඩංගුවට ගෙන නීතිය හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිමට රජය වහාම ක‍්‍රියා කල යුතුයි.
වැරදි කරන අය කවුරු වුවත්, ඔහුගේ තරාතිරම නොබලා අධිකරණයට යොමු කොට කල වරදට නීත්‍යානුකූලව දඩුවමක් ලබා දි නීතියේ ආධිපත්‍ය තහවුරු කල යුතු බවත්, මෙරටේ සුළු ජාතික ජනයාගේ අයිතීන් ආරක්ෂා කර ඔවුන් නිදහසේ මෙරටේ අනිත් ජන කොටස් සමඟ සුහදව ජිවත්විමට සුදුසු වාතාවරණයක් ඇති කල යුතු බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

பைஸர் முஸ்தபா அமைச்சர் ஹலீமிடம் அவசர வேண்டுகோள்

ஜனாதிபதித் தேர்தல் நடைபெறுவதற்கு முன்பு முஸ்லிம் விவாக, விவாகரத்துச் சட்டத் திருத்தங்கள் வரைபை பாராளுமன்றில் சமர்ப்பிக்கவும் -  பைஸர் மு...