Monday, December 5, 2016

“84 % ක ප්‍රගතියක් ඇති මගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන කපලා.“ - අමාත්‍ය ෆයිසර් මුස්තෆා


2016 වසරේ 83 % ක ප්‍රගතියක් ඇති තම අමාත්‍යංශයේ මුදල් අයවැයෙන් කපාහැර ඇති බව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසනවා. අමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ 80 % කට වඩා ප්‍රගතිය පවතින අමාත්‍යංශ සංඛ්‍යාව පිළිබඳ විමසා බලන ලෙසයි. කොළඹදී පසුගියදා පැවති උත්සවයක් අමතමින් ෆයිසර් මුස්තෆා මහතා මේ බව පැවසුවා.
එම උත්සවය පැවැත්වුනේ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, පුරනැගුම ව්‍යාපෘතිය මඟින් ප්‍රාදේශීය සභා සඳහා කසළ කළමනාකරණ රථ 42 ක් බෙදාදීම සඳහායි. අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම උත්සවයට, අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහ පුරනැගුම ව්‍යාපෘතියේ නිලධාරීන් සහභාගීවුණා.  
අඩු ආදායම්ලාභී ප්‍රාදේශීය සභා නගා සිටුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ පුර නැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. එමඟින් කසළ සම්පීඩනය කර ප්‍රවාහනය කරන රථ(Garbage Compactors) 28 ක් සහ කෝම්පෝස්ට් අංගන වල කසළ හැසිරවීමේ රථ(Skid Steer Motor) 14 ක් ප්‍රාදේශීය සභා 38 කට බෙදාදුන්නා. කසළ සම්පීඩනය කර ප්‍රවාහනය කරන එක් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 126 ක් වන අතර, කෝම්පෝස්ට් අංගන වල කසළ හැසිරවීමේ රථයක මිල රුපියල් ලක්ෂ 44 ක්. ඒ අනුව, මෙම කසළ කළමනාකරණ රථ 42 සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, පුරනැගුම ව්‍යාපෘතිය රුපියල් ලක්ෂ 4,170 ක් වැය කර තිබෙනවා.
උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා, “අපේ අමාත්‍යංශයේ මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රගතිය 84 % යි. ඊට හේතුව, මම මගේ ලේකම්තුමාට උපදෙස් දුන්නා, දේශපාලනය කරන්න එපා කියලා. තමුන්නාන්සේලා දන්නව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, අමාත්‍යතුමා ඉන්න දිස්ත්‍රික්කයට තමයි සම්පත් සියල්ල යන්නේ. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ එය සම්ප්‍රදායක් වුණා. නමුත් මම ආඩම්බරයෙන් කියනවා, අපේ අමාත්‍යංශයේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දෙන්න මට හැකිවුණා. අද අපි රටක් හැටියට ඉදිරියට යන්න නම්, ජනතාවගේ අවශ්‍යතාවය හඳුනාගැනීම දේශපාලනඥයන්ගේ වගකීමක් වනවා.“
අයවැය පිළිබඳව ද ෆයිසර් මුස්තෆා මහතා අදහස් පළකළා. “අපි අද සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නේ. මම නම් කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් තියනවනම්. මොකද සම්මුතිවාදී ආණ්ඩුවක් කරන කොට නොයෙක් ප්‍රශ්න තියෙනවා. මගෙ අමාත්‍යංශය මූල්‍ය ප්‍රගතිය 84 % ක් තියෙද්දිත්, පළාත් පාලන ආයතන වලට වෙන්කරලා
 තිබුණ ප්‍රාග්ධන වියදම් කපලා. මම අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඒ මුදල් ලබාගන්න කටයුතු කළා. එමනිසා සම්මුතිවාදී ආණ්ඩු කරනකොට සමහර අවස්ථාවලදී කණගාටුදායක සිදුවීම් වෙනවා. නමුත් ඒවා නිවරදි කිරීමට අපි කැපවී සිටිනවා.“
ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළකළා. “ග්‍රාමීය පාරවල් අයිතිවෙන්නේ කාටද..? පළාත් පාලන ආයතන වලට. අයවැයෙන් මිලියන 4,500 ක් වෙන්කරලා තියෙනවා, ග්‍රාමීය පාරවල් 1,000 Km සංවර්ධනය කරන්න. මම පැහැදිළිව කියනවා සංවර්ධනය කළ යුතු ග්‍රාමීය මාර්ග ගැන හරියටම දන්නේ ප්‍රාදේශීය සභාව. රේඛීය අමාත්‍යංශයක් තියෙනව ප්‍රාදේශීය සභාවලට. රේඛීය අමාත්‍යංශයේ සම්බන්ධතාවය ඇති කරලා, ඒ වැඩ කොටස කළේ නැත්නම්, ජනතාවගේ අවශ්‍යතාවය අපට සපුරාගන්න බැරිවෙනවා. එම නිසා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ මුදල් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට ලබාදෙන්න කියලා. ඒ වගේම කියනව, රේඛීය අමාත්‍යංශය සෘජුව පළාත් පාලන ආයතන වලට වැඩකරන්න ගිහිල්ලා කරදරේ වැටෙන්න එපා. සමහර අමාත්‍යංශ හිතන්නේ දෙපැත්තේ ඉන්න සංවිධායකයින්ට සල්ලි බෙදලා ඒ අයට ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න පුළුවන් කියලා. මම ඉල්ලා සිටිනවා අමාත්‍යංශ වලින් දේශපාලනය කරන්න එපා. පළාත් පාලන ආයතන වල ලේකම්වරුන්ගේ, කොමසාරිස්වරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න. එම නිලධාරීන් දන්නවා ඒ ප්‍රදේශ වල මොන ග්‍රාමීය පාරද හදන්න ඕන. මොන ග්‍රාමීය පාරද හදන්න ඕන නැත්තේ කියලා. සමහර පාරවල් හදලා තියෙනව එක්කෙනෙක් දෙන්නෙක්ගේ ගෙවල් වලට යන්න. අද බලය බෙදීම ගැන කථාකරනවා. හැබැයි රේඛීය අමාත්‍යංශය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල ගරුත්වය රකින්නේ නැත්නම් ඒක කථාවට සීමාවෙනවා.“

No comments:

Post a Comment

பைஸர் முஸ்தபா அமைச்சர் ஹலீமிடம் அவசர வேண்டுகோள்

ஜனாதிபதித் தேர்தல் நடைபெறுவதற்கு முன்பு முஸ்லிம் விவாக, விவாகரத்துச் சட்டத் திருத்தங்கள் வரைபை பாராளுமன்றில் சமர்ப்பிக்கவும் -  பைஸர் மு...